විසඳුමක් දෙන්න තිබියදී වර්ජනය කළා

Jun 13, 2018 09.31am
feature-top
තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුමක් ලබාදීම සඳහා පසුගිය පළමුවැනි දින අැමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එයට යම් තීරණයක් මේ මස 14 වැනිදා ලබා දිමට නියමිතව තිබියදී තැපැල් සේවකයින් 11 වැනි දින වැඩවර්ජනය ආරම්භ කළ බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා දිනමිණට පැවසිය.

කෙසේ වෙතත් වැඩවර්ජනය හේතුවෙන් තැපැල් කටයුතු අඩාලව පවතින බව පැවසූ තැපැල්පතිවරයා සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර සේවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී ඇති බව පැවසීය.

මේ වන විට තැපැල් වෘත්තීය සමිති 29ක් වැඩ වර්ජනයට එක්ව ඇති බව පැවසූ තැපැල්පතිවරයා අද (12) රාත්‍රී 12.00 සිට තවත් වෘත්තීය සමිතියක් එයට එක්වන බවද තමන්ට ලිපියකින් දැනුම් දී ඇති බවද කියා සිටියේය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »