දුම්රිය වර්ජනය අසාර්ථකයි

May 31, 2018 10.05am
feature-top
වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් හයක් වෙනුවෙන් දුම්රිය ‍ධාවනාගාර, මාර්ග නඩත්තු අංශය, කර්මාන්ත ශාලා හා දුම්රිය කාර්යාල සේවකයන් පැය 24ක් තුළ ගෙන ගිය වැඩවර්ජනය අසාර්ථක බව ප්‍රවාහන හා ගුවන් සේවා වැඩ බලන ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මේ ඉල්ලීම් වෙනුවෙන් ලබන සිකුරාදා සාකච්ජාවක් ලබා දී තිබියදීත් සිදු කළ මෙම වැඩවර්ජනය අසාධාරණ බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 375ක් ධාවනයේ යෙදෙන බවත් ඉන් 2ක් හැර සෙසු දුම්රියන් ඊයේ (30) දිනයේ ධාවනයේ යොදා තිබූ බව ඇමැතිවරයා කීය.

ඊයේ (30) බත්තරමුල්ල,සෙත්සිරිපාය සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා ඒ බව අනාවරණය කළේය. වැඩ වර්ජනය 29 දින සිට ඊයේ 30 දක්වා පැවැතිය ද පැය 24ක් යෑමට කලින් අදාළ වැඩ වර්ජනය අසාර්ථකවී ඇතැයි ඇමැතිවරයා කීය.

දුම්රිය වැඩවර්ජනය අතරතුර දුම්රිය එන්ජින් 4කට හා මැදිරි,බලවේග කට්ටල සහ මාර්ග සංඥා පද්ධති කිහිපයකට හානි සිදු කර ඇතැයි කී ඇමැතිවරයා මේ වගේ කඩාකප්පාල්කාරී ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් හා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට රහස් පොලීසියට භාරදී ඇතැයිද කීය.

වැටුප් වැඩිවිමක් ඇතුළු ඉල්ලීම් 6කට විසඳුම් ලබා ගැනිම සඳහා දුම්රිය ධාවනාගාර, මාර්ග නඩත්තු අංශ කර්මාන්තශාලා හා කාර්යාල සේවකයන් පෙරේදා ( 29 ) පස්වරු 4 සිට පැය 48 ක වර්ජනයක යෙදි සිටිති.

දුම්රිය ‍රියැදුරන් , පාලකවරුන් නියාමකවරුන් ඇතුළු අංශ රැසක වෘත්තිය සමිති මේ වර්ජනයට සහභගි නොවුහ.

දුම්රිය වෘත්තිය සමිති සන්ධානය මෙම වර්ජනය සංවිධානය කර තිබු අතර වෘත්තීය සමිති ගණනාවක සේවකයන් 12000 ක් පමණ මෙම වර්ජනයට සම්බන්ධ වන බව දුම්රිය තාක්ෂණ සේවා විත්තිය සමිති කමිට්ව සඳහන් කරයි.

දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සහිතව ඊයේ සිදු කෙරිණි.

ප්‍රධාන මර්ගයේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුවේ සිට පානදුර දක්වා යන දුම්රියන් දෙක පමණක් ඊයේ උදේ අවළංගු කිරීමට සිදුවු බව දුම්රිය අතිෙර්ක සාමාන්‍යාධිකාරී සමරසිංහ මහතා පැවසිය.

වර්ජකයන්පුත්තලම මාර්ගයේ සංඥා පද්ධතිවලට හානිකරමින් පෙරදින සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනයද ප්‍රමාද වූ බවද, සමරසිංහ මහතා සඳහන් කළේය.

පොල්වත්ත - ලුණුවිල නාත්තන්ඩිය- මාදම්පේ යන දුම්රිය සිථාන අතර භාය්‍ය කේබල් කපාදමා තිබිණි.

වර්ජනය නිසා මගින්ට සිදුවන අපහසුතා වැළැක්විම සඳහා අතිරේක බස් රථ යෙදවිමට පියවර ගෙන ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පි.එච්.ආර්.ටි. චන්ද්‍රසිරි මහතා පැවසිය.

වර්ජනය නිසා දුම්රිය ධාවනය කිරිමට බාධා පැමිනෙන්නේ නම්අවශ්‍යතරම් බස් රථ යෙදවිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද සුදනමින් සිටින බව එහි සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා තමාට දන්වා ඇතැයිද සමරසිංහ මහතා කිය.

වර්ජනයේ ඉදිරි කටයුතු පිළිබඳව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්තපිත විතානගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවසත් සාකච්චාවක් පැවැත්විණි.

වර්ජනයට සුදානමින් සිටි ආදේශක අනියම් තාවකාලික සේවකයන්ගෙන් සියයට 50 ක් පමණ ඊයේ ( 30 ) සේවයට වර්තාකර ඇති අතර නොපැමිණි අය සේවය පැහැර හැර ගියා සේ සලකන අතර සේවයට නොපැමිණි අය සඳහා සේවකයන් බඳවා ගැනිමට පියවර ගන්නා බව සමරසිංහ මහතා කිය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »