රංගජීව-ළමාහේවා අත්අඩංගුවට ගත්තේ වැලිකඩ ප්‍රහාරයට

Apr 04, 2018 10.37am
feature-top
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන දෙදෙනා රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2012 වසරේ බන්ධනාගාර ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීමේ චෝදනාව මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම ප්‍රහාරයේදී රැඳවියන් 26 දෙනකු ඝාතනයට ලක්වූහ.

වැඩි පිරිසක් පාතාල සාමාජිකයෝ වූහ. ඉන් 11 දෙනකුම ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ රංගජීව මහතාට සහ එමිල් රන්ජන් මහතාට වෙයි. රහස් පොලිසිය මේ සම්බන්ධව දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් පැහැදිලිවම දිගින් දිගටම කරුණු අනාවරණය කැර ගැනීමෙන් පසුව බවද කියති.

2012 වසරේදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද කියයි.

රංගජීව මහතා සහ එමිල් රන්ජන් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විවිධ කතා පැතිර ගියද රහස් පොලිසිය පැහැදිලි තොරතුරු අනාවරණය කැර ගැනීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද රුවන් ගුණසේකර මහතා කියයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »