අන්තර් මෝසම සක්‍රීය වීමෙන් පළාත් පහකට වැසි
Apr 03, 2018 10.28am

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් තිබෙන නිසා අද (03) පළාත් 05කට සවස 2.00න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට වැසි අපේක්ෂා කරන බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශ වල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
මීට අමතරව බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම හා සබරගමු පළාත්වල සමහර ප්‍රදේශ වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඇය පවසා සිටියාය.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහින්ද කියපු දේ මෙන්න
2018-04-20 07:47:00තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com