දියේ ගිලීමෙන් විදේශිකයෙකු මියයයි

Mar 08, 2018 10.51am
feature-top
අහුංගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය විදේශිකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
 
76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
 
 විදේශිකයා අහුංගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර පසුව ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
 
අහුංගල්ල පොලීසිය විසින් සිදුකළ සෝදිසිකිරීම් වලදී ඊයේ (07) පස්වරුවේ මළ සිරුර සොයාගෙන ඇත.
 
මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතය.



උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »