පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වේ

Dec 29, 2017 09.27am
feature-top
2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වීමට නියමිත අතර, පාසල් 58ක් පමණක් අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

එම පාසල් පළමු පාසල් වාරය සඳහා ලබන ජනවාරි මස 15 වන සඳුදා විවෘත කෙරේ. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම හේතුවෙන් ජනවාරි 13 දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන පාසල් මෙසේය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ 10 අශෝක විද්‍යාලය, මහරගම බුවනෙකබා මහ විදුහල, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, අවිස්සාවේල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පානදුර බාලිකා විද්‍යාලය, ගම්පහ සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය, නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර මධ්‍ය විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය, මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර පඹුරන සාරිපුත්ත විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද මධ්‍ය විද්‍යාලය, අකුරැස්ස ගොඩපිටිය මධ්‍ය විද්‍යාලය, හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසල, තංගල්ල රාහුල මහා විද්‍යාලය, තංගල්ල පිරිමි ජාතික පාසල, රත්නපුර මිහිඳු විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය, බලන්ගොට ශ්‍රී බුද්ධජයන්ති මධ්‍ය විද්‍යාලය, කෑගලු බාලිකා විද්‍යාලය, පුත්තලම ශාන්ත ඇන්ඩෲ මධ්‍ය විද්‍යාලය, කුරුණෑගල ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලය, කුරුණෑගල ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලය, කුලියාපිටිය සාරානාත් මහ විදුහල, නිකවැරටිය මහසෙන් ජාතික පාසල, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල මහා විද්‍යාලය, මනුවර ගැටඹේ මහානාම මහ විදුහල, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, තෙල්දෙණිය මහ විදුහල, ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය, මතොලේ විජය ජාතික පාසල, මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසල, නුවරඑළිය උසස් බාලිකා විද්‍යාලය, දඹුල්ල වීර මොහාන් ජයමහ මහා විද්‍යාලය, හැටන් ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය, හැටන් හයිලන්ඩ් විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විදුහල, අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහ විදුහල, පොලොන්නරුව තෝපාවැව මහ විදුහල, බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකා විද්‍යාලය, මහියංගණය ජාතික පාසල, වැලිමඩ මධ්‍ය විද්‍යාලය, මොනරාගල මහානාම මධ්‍ය විද්‍යාලය, වැල්ලවාය මල්වත්තාවල මධ්‍ය විද්‍යාලය, ත්‍රිකුණාමලය ඕරිස්හිල් විවේකානන්ද විද්‍යාලය, කල්මුණේ මහමුද් බාලිකා විද්‍යාලය, මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලය, අක්කරෙයිපත්තුව මොනව්වරා කනිෂ්ට විද්‍යාලය, කිලනොච්චිය මහ විදුහල සහ නෙල්ලිඅඩු මධ්‍ය විද්‍යාලය. 


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »