ජී. 24 සමුළුවේ සභාපතිත්වය මුදල් ඇමැතිට

Oct 16, 2017 09.37am
feature-top
ඇමෙරිකාවේ වොෂින්ටන්නුවර මුළුදුන් ජී. 24 කණ්ඩායමේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ 98 වැනි සමුළුවේ සභාපතිත්වයට ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පත්විය.

ලෝක බැංකුවේ හාජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට එක්වීමට වොෂිටන්ටන් නුවර බලා ගොස් සිටින මංගල සමරවීර මහතා ඒ අතර තුර ජී - 24 කණ්ඩායමේ මුදල් ඇමැතිවරුන්ගේ කණ්ඩායමේ සභාපතිත්වයට පත්වීම රට ලැබූ අනගි අවස්ථාවකි.

ජී. 24 කණ්ඩායමේ සභාපතිධුරයට පත්වූ මංගල සමරවීර මහතා, සමුළුව අමතා අදහස් දක්වමින්, බලගතු ශ්‍රී ලංකාවක් - වසර 2025 පොහොසත් රටක් බිහිකොට ජනතාවට සෞභාග්‍ය උදාකිරීමට ඉලක්කගත වැඩපිලිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි ද කීය.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »