මිලේනියම් චැලේන්ජ් වෙතින් ඩොලර් මිලියන 700ක ආධාර

Oct 14, 2017 09.17am
feature-top
ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ශික හමුවට සහභාගි වීම සඳහා වොෂින්ටනයට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා , ශ්‍රී ලංකාවේ වසර පහක සංයුක්ත ප්‍රතිපාදන ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි යුරෝපය, ආසියාව, පැසිෆික් සහ ලතින් ඇමරිකාව සඳහා කලාපීය නියෝජ්‍ය උප සභාපතිනි ෆටෙමා ඉසෙඩ් සුමර් මහත්මිය මුණ ගැසුණේය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි අධ්‍යක්ෂ මණ්ඩලය සංයුක්ත සංවර්ධනයට ශ්‍රී ලංකාව තෝරා ගත්තේය. එහි ප්‍රතිපත්තිමය මිණුම් දඬු මත පදනම්ව දර්ශක 20 කින් 13 ක් ලබමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.

මූලෝපායික ස්ථාවරත්වය, ඉඩම් හා ප්‍රවාහනයට ප්‍රවේශය සඳහා ආයෝජනය කිරීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වෙතින් වසර 5 ක් තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක් පමණ ලැබෙනු ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »