කොළඹ විශ්වවිද්‍යාලය නව ගමනකට මුලපුරයි

Sep 09, 2017 10.13am
feature-top
ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදනය නඟා සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. මෙම ව්‍යාපෘතිය යුනෙස්කෝ සංවිධානය, චීනයේ ෂෙන් ෂෙන් අරමුදල එක්ව ක්‍රියාත්මක කරන අතර මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය තෝරා ගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට හා සේවකයින්ට අන්තර්ජාලය හරහා සහ මුහුණට මුහුණ සබඳතා සහිතව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව මෙමඟින් හිමි වේ.

මේ වන විටත් ආසියානු පැසිෆික් කලාපය තුළ මෙවැනි අධ්‍යාපනික ආයතන ක්‍රියාත්මක වන අතර සිසුන්ට හා සේවකයින්ට මෙවැනි අධ්‍යාපනික ක්‍රම අලුත් අත්දැකීමක් වෙනු ඇත.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව ඉකුත් දා චීනයේ උසස් අධ්‍යාපන නවෝත්පාදන සඳහා වන ජ්‍යත්‍යන්තර මධ්‍යස්ථානයේදී පවත්වා ඇත.

ඒ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, චීනයේ විද්‍යා හා තාක්ෂණ දක්ෂිණ විශ්වවිද්‍යාලයේ සභාපති ෂෙන් ෂියි, මහලේකම් ආචාර්ය ලූ චුන් , සහකාර අධ්‍යක්ෂ ආචාර්ය සාඕ කේ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »