ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර 2 දාට පෙර
Aug 13, 2017 10.02am

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පුරප්පාඩු වී ඇති සියලුම ආසන සංවිධායක ධුරවලට ලබන මස 2 වැනිදාට පෙර නව සංවිධායකවරු පත්කර අවසන් කිරීමට පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව පක්‌ෂයේ තීන්දු තීරණවලට කටයුතු නොකරන ආසන සංවිධායකවරුන්ටද තමන්ගේ තනතුරු අහිමිවනු ඇතැයිද හෙතෙම පැවසීය.

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක තනතුරු සඳහා අලුතෙන් ආසන සංවිධායකවරුන් පත්කිරීමේදී පසුගිය කාලය තුළ පක්‌ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ සහ ඕනෑම අභියෝගයකට මුqහුණ දී පක්‌ෂය ජයග්‍රහණය කරා රැගෙන යා හැකි අයට පුමුඛත්වය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා පැවසීය.

(දිවයින පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60