පාර්ලිමේන්තු විශේෂ රැස්වීම 4දා

Aug 01, 2017 09.29am
feature-top
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම ලබන 4 වැනිදා පැවැත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුභාෂිංශන පිරිනැමීම නිමිත්තෙන් පවත්වන මෙම විශේෂ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කීරීමට පෙර කතානායක කරූ ජයසූරිය මහතාගේ මඟ පෙන්විම යටතේ විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්වීමටද තීරණය කර තිබේ.

විශේෂ පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 10.30 ට පමණ ආරම්භ වීමට නියමිත අතර බෝධි පූජා පිංකම පාර්ලිමේන්තු පරිශ්‍ර යේ පිහිටි බෝධිය අභියසදි පෙරවරු 9.15 ට පමණ ආරම්භ වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පිණිස පවත්වන මෙම බෝධි පූජා පිංකමට සහභාගී වන සියළුම මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තු මහලේකම්වරයා ආරාධනා කරයි.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »