ආණ්‌ඩුවෙන් විස්‌සක්‌ යනවා මමත් වෙලාව බලන්න හඳහන යෑව්වා - මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක

Jul 30, 2017 09.53am
feature-top
යහපාලන ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ වාඩිවීම සඳහා හොඳ නැකතක්‌ සහ වෙලාවක්‌ බැලීම සඳහා ලංකාවේ සිටින ප්‍රවීණතම ජ්‍යෙdතිෂවේදියකුට හඳහන ලබා දී ඇතැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය. ආණ්‌ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ඇතුළු 20 දෙනකු සූදානමින් සිටින බව ද ඉදිරි දින කීපය තුළදී එම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි යෑයි ද හෙතෙම පැවසීය.

ජ්‍යෙdතිෂවේදියා සුමනදාස මහතා දැයි 'දිවයින' විමසූ විට ඇමැතිවරයා පැවසුවේ ඔහු බොරුකාරයකු බවයි.

හම්බන්තොට වරාය චීනයටත්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකාවටත්, තැපෑල ඉන්දියාවටත් විකිණීමට අරලියගහ මන්දිරයේ සිට යූඇන්පිය සැලසුම් සකස්‌ කර අවසන් බව ද ඒකනායක මහතා පැවසීය.
 

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »