සියලු මාධ්‍ය ඩෙංගු මඩින්න එක්වෙයි

Jul 12, 2017 09.47am
feature-top
ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳ සියලූ මාධ්‍ය ආයතන එක්ව අද (12) ඒකාබද්ධ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ.

මෙමගින් අද (12) උදෑසන 9.00 සිට 11.00 දක්වා සියලූ විද්‍යුත් මාධ්‍ය ආයතන අඛණ්ඩව ඩෙංගු මර්දනය පිළිබඳ ජනතාව දැනුවත් කරනු ඇති.

නිවාස හා පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ අවශ්‍යතා පිළිබඳ මෙහි දී අඛණ්ඩව ජනතාව දැනුවත් කරන අතර මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමේ දෙවන අදියර එළඹෙන සෙනසුරාදා පෙරවරු 10.00 සිට 12.00 දක්වා ක්‍රියාත්මක වේ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »