මෙල් ගුණසේකර ඝාතන නඩුවේ තීන්දුව අද

Jul 05, 2017 09.18am
feature-top
මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණයේදී අද (05) ප්‍රකාශයට පත්කෙරේ.

දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (05) එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි. විත්තිකරු ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරු වන අතර මෙල් ගුණසේකර මෙනවියගේ මව, පියා හා සහෝදරයා ආගමික වතාවත් සඳහා උදෑසන පල්ලියට ගිය අවස්ථවේ නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළුවූ විත්තිකරු විසින් නිවසේ තිබූ පාන් කපන පිහිවලින් කපා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කර ඇති බව චෝදනා නඟා ඇත. 2014 පෙබරවාරි මස 02 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවස අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි කළුබෝවිල දෝන මිලිෂියා ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »