ආනන්ද සමරසේකරට වරෙන්තු

Jul 05, 2017 09.17am
feature-top
අවුරුදු 7ක් ගිහිල්ලත් මරණ පරීක්ෂණ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කර නෑ

කැලණි ගගේ පාවු නාඳුනන මළ සිරුරක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව වසර හතකට ආසන්න කාලයක් ගතවුවද මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුව‍ට ගැනිම සදහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වරෙන්තු නිකුත් කළේය. වර්ෂ 2011 /03/08 දින මෙසේ කැලණි ගං ඉවුරේ පාවු මළ සිරුර සම්බන්ධයෙන් ග්‍රැන්ඩ්පාස් පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණ ද මෘත දේහය සම්බන්ධ පැවැත්වු පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව වසර හයකට අධික කාලයක් ගතවුවද මේ දක්වා අධිකරණයට ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් මෙම වරෙන්තුව අධිකරණය විසින් නිකුත් කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට මිට පෙර ද සිතාසි නිකුත් කර ඇති අතර සිද්ධිය නැවත කැඳවු අවස්ථාවේ දි අධිකරණය හමුවේ අධිකරණ වෛද්‍යවරයා පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා එම වරෙන්තුව නිකුත් කළේය.

දින කිහිපයක් ගං ඉවුරේ තිබු මෙම මෘත දේහය හදුනා ගත නොහැකි ආකාරයේ පිරිමි මෘතදේහයක් බවත් මරණකරුගේ කලිසම් සාක්කුවේ තිබි සොයා ගත් පසුම්බියේ තිබු ජාතික හැදුනුම්පත සදහන් ලිපිනය වෙත මෘතදේහය ලබා දුන් බවට ග්‍රැන්ඩ්පාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. වසර ගණනාවක් ගත වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් නොමැති බව සදහන් කළ මහෙස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා නොමැතිව ඉදිරි පියවරක් නොගත හැකි බව පෙන්වා දෙමින් අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිම සදහා වරෙන්තු නිකුත් කළේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »