නව ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවය සුරැකිය යුතුයි ශ්‍රීලනිප ස්‌ථාවරය මහලේකම් කියයි

Jul 02, 2017 09.45am
feature-top
අලුතෙන් හදන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මෙරට ඒකීයභාවය හා භෞමික අඛණ්‌ඩතාවට හානි වන කිsසිදු යෝජනාවක්‌ හෝ කොන්දේසියක්‌ ඇතුළත් නොවිය යුතුය යන දැඩි ස්‌ථාවරයේ තම පක්‍ෂය සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZ ට පැවසීය.

තම පක්‍ෂය රට කඩන, රට බෙදන, ජාතීන් අතර අසමගිය ඇති කරන කිසිදු යෝජනාවක්‌ ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට දැඩිව විරුද්ධ බව ද දිසානායක මහතා කීය.

එමෙන්ම 1978 ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්‌ථානය හා ආගම් ඇදහීමට ඇති නිදහස අලුත් ව්‍යවස්‌ථාවට ඒ ආකාරයෙන්ම ඇතුළත් විය යුතු බව ද ඒවා කිසිදු ආකාරයකට වෙනස්‌ නොවිය යුතු බව ද හෙතෙම කීය.

බලය බෙදාහැරීමේදී ඒකීයභාවය ඉක්‌මවා යන වැඩපිළිවෙළකට විරුද්ධ බව ද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින පුවත්පත ඇසුරෙනි

More News »