විදුලි බිල වැඩිකරන්නේ නෑ

Jun 30, 2017 09.18am
feature-top
ඉදිරියේ දී විදුලි බිල වැඩිකිරීමට කිසිඳු අපේක්ෂාවක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

විදුලි බිල වැඩිකිරීම වෙනුවෙන් විවිධ ඉල්ලීම් පවතින බවත් වත්මන් රජය සෑම මොහොතකම පොදු මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවත් ඇමැතිවරයා පැවසීය.

විදුලි ගැලපුම් ගාස්තුව නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට වත්මන් රජය යටතේ කටයුතු කර ඇති විදුලි සේවකයන් ආරම්භ කර අැති වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ සියලුදෙනා සමඟ සාකච්ඡා කර කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ විදුලි සේවකයන් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙස සංවේදී ලෙස බැලීමේ හැකියාව විෂය භාර ඇමැතිවරයාට හා තමන්ට ඇති බවයි. සේවකයන් ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනයට විසඳුම් ලබාදීමේ දී සේවක සමඟිය, රටේ ආර්ථිකය, ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් වත්මන් රජය බලයට පත්විමෙන් පසුව විදුලිබල ක්ෂේත්‍රයේ යහපාලනය ගොඩනැගීමට හැකිවූ බවත් ඇමැතිවරයා කීය.

එමෙන්ම පසුගිය සමයේ දී විදුලි බල අංශයට අදාළව ටෙන්ඩර් ලබාදීම ආදි කටයුතුවල දී කිසිඳු අයුරකින් විනිවිද බව ක්‍රියාත්මක නොවූ අතර අදවන විට විනිවිද අයුරින් සියලු කටයුතු සිදුවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »