සිසු අරගල පිටුපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය

Jun 29, 2017 10.00am
feature-top
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසු සිසුවියන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවිම ඇතුළු සිසු අරගල පිටුපස සිටින්නේ පෙරටුගාමී පක්ෂය බව නීතිය හා සාමය , දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුළු වූයේ සිසුන්ගේ තනි මතයට නොවන බවත් මේ සිද්ධිය පිටුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. ඇවිලෙන ගින්නට භූමිතෙල් දමමින් සිය දේශපාලන අරමුණු ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ඉටු කරගන්නට උත්සාහ දරන මෙවැනි දේශපාලන පක්ෂවල ගොදුරු බවට පත් නොවී සිටීමට විශ්ව විද්‍යාල සිසුන්ට අවබෝධය තිබිය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

නීතිය හා සාමය ,දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ කාර්යාලයේදි ඊයේ (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සාගල රත්නායක මහතා සඳහන් කළේ මෙරට විශ්ව විද්‍යාල දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ලබාදීම සඳහා වැය කරන්නේ මහජන මුදල් බවයි.මහජන මුදලින් අධ්‍යාපනය හදාරන සිසුන්ටද එම මුදල් අපතේ නොහැරිමේ වගකීම පැවරෙන අතර සරසවි සිසුන් වෙනුවෙන් එම මුදල් වැය කරන්නේ මහපාරේ අරගල කිරීමට නොවන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.



දිවයින පුවත්පත ඇසුරෙනි

More News »