අත්අඩංගුවට ගත් දෙදෙනා ප්‍රහාරය මෙහෙයවලා

Jun 27, 2017 09.31am
feature-top
සයිටම් විරෝධි විශ්වවිද්‍යාල කළහකාරි සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට සහ තවත් යාන වාහන ඇතුළු කෝටි ගණනක දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සියයකට වඩා වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන පොලීසිය පෙරේදා තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරුවන් දෙදෙනා එම ප්‍රහාරය මෙහෙය වූ අය බවට සි.සි.ටී. වි. කැමරා දර්ශණ මගින් හෙළි වී තිබේ. ඊට අමතරව ඔවුන් එම ප්‍රහාරය මෙහෙය වූ බවට තොරතුරු ලැබී තිබේ. මේ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් පනහකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනීමට තිබේ.

එම පිරිස එදින ප්‍රහාරයට සම්බන්ධ වූ බවට අදාළ සී. සී. ටී. වී. කැමරා දර්ශණවලින් අනාවරණය වී තිබේ. කොළඹ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ මරදාන පොලීසිය මේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදා පරීක්ෂණ සිදු කරයි. අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා ඊයේ මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »