මාධ්‍යවේදීන්ට සුබ සාධන වැඩපිළිවෙළක්

Jun 26, 2017 09.14am
feature-top
මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන බව මුදල් හා ජනමාධ්‍යය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තමන් ජනමාධ්‍යඅමාත්‍යාංශය මෙයට පෙර හෙබවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් පවා ක්‍රියාත්මක කළ බවත් නවීන තත්ත්වයන්ට ගැළපෙන අයුරින් මාධ්‍යවේදීන් සඳහා විශේෂ සුබ සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීය.

මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (24) ඇමැතිවරයා ඒ බව කීවේය. යල්පැන ගිය සුරාබදු නීතී ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙන බවත් රජය අපේක්ෂා කරන දේ මෙම නීති මගින් ඒ ආකාරයෙන්ම ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් කී ඒ මහතා මෙරට මත්පැන් පානය කරන පිරිස අතරින් 61 % ක් පානය කරන්නේ කසිප්පු ඇතුළු ප්‍රමිතියෙන් තොර නීති විරෝධී මත්පැන් බවද අවධාරණය කළේය.

මෙම තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බවත් ඒ සඳහා කමිටු කිහිපයක් පත්කර තිබෙන බවත් හෙතෙම කීය.

බියර් හා වයින් සඳහා නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනවාද නැද්ද පිළිබඳව ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවද ඇමැතිවරයා කීවේය.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »