රට වනසන ආණ්‌ඩුවට එරෙහිව දැඩි පියවර - අස්‌ගිරි පාර්ශ්වයේ අනුනාහිමි

Jun 25, 2017 10.16am
feature-top
රජයේ පාලකයන් අධ්‍යාපනය, සංස්‌කෘතිය, ආගම නැත්තටම නැති කිරීමට කටයුතු කරමින් සිටින නිසා මහා සංඝරත්නය ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සැළසුම් කරමින් සිටින බව අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසූහ.

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාව සහ අයිතිය පිළිබඳ තීරණ ගත හැක්‌කේ මහා නාහිමිවරුන්ට පමණක්‌ බව රාජ්‍ය පාලකයන් දැනගත යුතු යෑයි ද උන්වහන්සේ කියා සිටියහ.

අතීත රජ දවස රජවරු රාජ්‍ය භාණ්‌ඩාගාරයේ සම්පත් මහා සංඝරත්නයට පූජා කළා මිස සංඝරත්නය සතු බෞද්ධ උරුමයන් කිසිවිටක පැහැර ගන්නට උත්සාහ නොකළ බවද රට පාලනය කළ යුත්තේ පරිණත පුද්ගලයන් වුවත් නූගත් බුද්ධිමත්කමින් තොර වත්මන් රාජ්‍ය පාලකයන් බෞද්ධ උරුමයන් විකිණීමටන් විනාශ කිරීමටත් තීරණය කරන්නේ පිළිකුල්සහගත ලෙස යෑයි ද ප්‍රකාශ කළහ.

රටේ ප්‍රශ්නය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රශ්නය විතරක්‌ නොව සංස්‌කෘතික, ආගමික හා ජාතික ප්‍රශ්න රැසක්‌ රටේ උද්ගතවී ඇතැයිද ජාතීන් අතර සමගිය වෙනුවට විරසකය ගොඩනැඟෙන පරිදි වත්මන් දේශපාලකයන් කටයුතු කිරීම නිසා රට තුළ අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක්‌ ගොඩනැගී ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

දිවයින පුවත්පත ඇසුරෙනි

More News »