ඩොලර්වලින් යැපෙන අය සංහිඳියාව නැති කරන්න හදනවා

Jun 24, 2017 10.55am
feature-top
මෙරට ආගමික සංහිඳියාව නැති කිරීමට නො‍යකුත් බලවේග ක්‍රියා කරන බවත්, ඩොලර් මත යැපෙන උදවිය එම සංහිඳියාව නැති කිරීමට ක්‍රියා කරන බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. හෙතෙම මේ අදහස් පළ කෙළේ (23) ඊයේ මල්වතු හා අස්ගිරිය උභය පාර්ශවීය මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අද මහානායක හිමිවරුන් සමඟ පන්සල් සංරක්ෂණ කටයුතු හා ශාසනික දියුණුව පිළිබඳව සාකච්ඡා කළා. විවිධ බලවේගයන් ඉස්මතු වී ආගමික සංහිඳියාව නැති කිරීමට අනවශ්‍ය ප්‍රචාර ගෙනයනවා. එයින් ජන සංහිඳියාවට බාධා ඇති වෙනවා. ජාතික සංහිඳියාව ගැන වැඩ පිළිබඳව ද සාකච්ඡා කළා. ජාතික සංහිඳියාව බිඳ දැමීමට ප්‍රකාශ යම් අයකු කරනවා නම් අපි එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.

මහානායක හිමිවරුන් සමඟ බෞද්ධ ප්‍රකාශක නියාමන පනත පිළිබඳ සාකච්ඡා කළා. මෙම පනත ඇතුළු පනත් 5ක් සකස් කැර තියනවා. විහාර දේවාලගම් පනත ථෙරවාදී කථිකාවත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එය අවසන් වූ පසු අනිත් පනත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »