දොස්තරලා ලබන සඳුදා වැඩවැරුමකට සැරසෙති

May 19, 2017 10.26am
feature-top
සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට පොලීසිය කළ පහරදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා (22) උදේ 8 සිට දහවල් 12 දක්වා සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව එක්ව මේ තීරණය ගෙන තිබේ.

සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම හා අත්අඩගුවට ගැනීම, වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ වගකිව යුතු පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම, වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඇතුළු කරුණු මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සංගමය තීරණය කර ඇත.

හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන අතර මාතෘ රෝහල්, කාන්තා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල යනාදියෙහි වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව සංගමය දැනුම් දෙයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »