කැබිනට්‌ සංශෝධනය ඉදිරි දෙසතියේ....

May 14, 2017 10.04am
feature-top
ජාත්‍යන්තර වෙසක්‌ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සිදුකළ සංචාරයත් සමඟ පමාවුණු කැබිනට්‌ සංශෝධනය ඉදිරි සති දෙක තුළ සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ ''දිවයින ඉරිදා සංග්‍රහයට'' පැවැසීය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් තිබෙන බවත් කෙසේ වෙතත් මෙම කැබිනට්‌ සංශෝධනයේදී එජාප ඇමැතිවරුන්ගේ විෂයය පථයන් වෙනස්‌ කිරීමක්‌ සිදුනොවනු ඇති බවත් දේශපාලන ආරංචි සඳහන් කරයි.

එම කැබිනට්‌ සංශෝධනයෙන් පසුව රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ වෙනසක්‌ ද සිදු කිරීමට නියමිත බවත් විශේෂයෙන් තම රාජකාරි නිසියාකාරව ඉටු නොකළ රජයේ නිලධාරීන් එම තනතුරු වලින් පහ කිරීමට නියමිත බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
 

දිවයින පුවත්පත ඇසුරෙනි

More News »