කාට උදව් කළත් සුදුස්‌සන්ට තනතුරු දෙන්න... රනිල් එජාප සංවිධායක මණ්‌ඩලයට කියයි

Apr 23, 2017 09.42am
feature-top
තමන්ට කැපුව අය සජිත්ට උදව් කළ අය වශයෙන් භේදයක්‌ ඇතිකර නොගෙන දක්‍ෂයන්ට හා සුදුස්‌සන්ට එක්‌සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායක ධුර ලබාදෙන ලෙස පක්‍ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. සංවිධායක මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇත.

සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ පක්‍ෂය ශක්‌තිමත් කර පාක්‍ෂිකයන්ට හා ජනතාවට උපරිම සේවයක්‌ ඉටුකරමින් ඉදිරි මැතිවරණ ජයගැනීම සඳහා දියත් කරන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයැම බව හෙතෙම පෙන්වා දී ඇත.

පක්‍ෂයේ ආසන සංවිධායක හා අනෙකුත් තනතුරු ලබාදීමේදී රනිල්ගේ පිලේ ද සජිත්ගේ පිලේ ද කියා නොබලා දක්‍ෂයන්ට හා සුදුස්‌සන්ට මුල් තැන දිය යුතු බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස්‌ දී තිබේ.

ඒ අනුව මේ වන විට රට පුරා එ.ජා.ප. ආසන සංවිධායකවරු 116 දෙනෙක්‌ තෝරාගෙන ඇති බවත් ඉතිරි පිරිස ඉදිරි දින කිහිපය තුළ තෝරාගෙන මැයි දිනය අවසන් කළ වහා සියලු ආසනවලට සංවිධායකවරු පත්කරන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

දිවයින පුවත්පත ඇසුරෙනි

More News »