සතුන් වත්තට වලස් බබෙක්

Apr 18, 2017 09.33am
feature-top
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී වලස් පැටවකු උපත ලබා ඇත.

සතියක් වියැති මෙම පිරිමි පැටවා මේ වන විට මවගේ තුරුලේ හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන බව එම උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය සමඟ අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය (15) යෙදී තිබුණු අවස්ථාවේ එහි දී අප කළ සංචාරයේ දී දැක ගත හැකි විය.

සත්ත්වෝද්‍යානයේ වලස් පැටවුන්ගේ උපත ඉතාමත් විරල බව පැවසූ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය මෙම පැටවා මේ මස 10 දින පෙරවරුවේ උපත ලැබූ බවත් එම පැටවා නිරෝගී සුවයෙන් පසුවන බවත් පැවසුවාය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »