රන් තොගයක් සමග ශ්‍රී ලාංකික 2ක් මුම්බායි හී දී අත්අඩංගුවට

Apr 18, 2017 09.32am
feature-top
නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඉන්දියාවේ මුම්බායිහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 87කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රැගෙන ගොස් තිබෙන අතර ඉන්දීය ගුවන් බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඩුබායි සිට පැමිණි 42 හැවිරිදි හා 45 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ග්‍රෑම් 2,915ක බරින් යුතු රත්‍රං කැබලි 25ක් රේගු නිලධාරීන් බාරයට ගෙන තිබේ.

එම රත්‍රං තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් 87ලක්ෂ 45,000ක් පමණ වන බවට වාර්තා වන අතර අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සම්බන්ධයෙන් එරට රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »