රු.කෝටි 13ක මත්කුඩු කිලෝ 13ක් අත්අඩංගුවේ

Apr 03, 2017 09.17am
feature-top
ඉන්දීය ජාතික 6ක් අල්ලා ගනී

රුපියල් කෝටි දහතුනකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් බවට සැක කෙරෙන මත්කුඩු කිලෝ 13 යි ග‍්‍රෑම් 500 ක් සමග ඉන්දීය ජාතිකයන් 06 දෙනකු සහ යාත්‍රාවක් උතුරු මුහුදේ දී නාවික හමුදාව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී මත් කුඩු කිලෝ 13 යි ග‍්‍රෑම් 500 ක් සොයා ගැණුනු බවත් ඒවා හෙරොයින් බවට සැකකෙරෙන බවයි.

අදාළ ඉන්දීය ජාතිකයන් පැමිණි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන කංකසන්තුරේ වරාය වෙත ගෙනවිත් තිබේ. සැකකරුවන් හා මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා භාරදී තිබේ.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »