මත්ද්‍රව්‍ය මර්දන නීති දැඩි වෙයි

Apr 02, 2017 09.13am
feature-top
මේ වනවිට රට පුරා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින ගංජා හා හෙරොයින් යන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඇති නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අබිං, කොකේන්, හෙරොයින් හා ගංජා යන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබාගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් දෙනු ලබන දඬුවම් දැඩි කිරීමට නියමිතය.

එමෙන්ම අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ කාලසීමාව වැඩි කිරීමටද නියමිතය. මීට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වය ඇතිව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට 1984 අංක 13 දරන විෂ වර්ග, අබිsං හා අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සංශෝධනය කිරීමටද තීරණය කර ඇත.

ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »