විල්පත්තුව රක්ෂිතයෙන් මුස්ලිම් ජනතාවට අගතියක් නෑ

Apr 01, 2017 10.38am
feature-top
වන සංරක්ෂිතයක් බවට පත් කළ විල්පත්තු වනෝද්‍යානයට මුස්ලිම් ජනතාවගේ නිවාස හෝ දේවස්ථාන අයත් නොවන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ (31) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

අවතැන්වී සිටින මුස්ලිම් ජනතාවට පහසුකම් ලබාදී ඔවුන්ගේ නියමිත ගම්බිම්වල පදිංචි කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කෙළේය. ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන සිංහල, දෙමළ ,මුස්ලිම් ජනතාව සාමයෙන් සමගියෙන් එක්ව යන වැඩ කරන වැඩ පිළිවෙළට අකුල් හෙලන ජාතිවාදය අවුස්සන පිරිසක් විවිධ බොරු මත පතුරවමින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කළද කිසි විට විල්පත්තු සංරක්ෂිතය තුළ සිටින මුස්ලිම් ජනතාව එයින් ඉවත් කිරීමක් හෝ ඔවුන්ගේ දේවස්ථාන අහිමිවීමක් කිසි විට සිදුනොවන බවද ඇමැතිවරයා කීය.

යම් ගැටලුවක් ඇතොත් ඒවා නිවැරදි කර ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් හැකි අතර ගැසට් පත්‍රයෙන් කිසිවකුට අගතියක් සිදු වීමට ජනාධිපතිවයා ඉඩ නොතබා ඇති බවද ඇමැතිවරයා කිය.

මාවිල්ලු වන සංරක්ෂිතය බිහි කිරීමේදී මරිච්චිකට්ටි හා විලත්තිකුලම් යන ජනාවාසයන්ට හා දැනට පවතින නිවාසවලට හෝ අනාගතයේ යම් නිවාස ප්‍රමාණයක් ඉදි කෙරේ නම් හෝ වෙනත් පදිංචියක් සඳහා කිසිදු ජනාවාසයකට බලපෑම්ක් එයින් සිදු නොවන බවද ඇමැතිවරයා කීය. විශේෂයෙන් මරිච්චිකට්ටි හා විලත්තිකුලම් කියන ප්‍රදේශ වල තිබුන ජනාවාස හෝ මුස්ලිම් දේවස්ථාන හෝ වෙනත් කිසිදු පෞද්ගිලික ඉඩමකට අයිති කිසිම දෙයක් මේ වන සංරක්ෂිතයට ඇතුලත් කරගෙන නොමැති බවද සඳහන් කළේය.

මේපාල් කියන ප්‍රදේශවල බස්නාහිරින් තියෙනවා මුස්ලිම් ජනාවාස. මරිච්චිකට්ටි කියන වන සංරක්ෂිතයට උතුරින් ජනාවාස පිහිටා තිබෙනවා. ඒ වගේම කුඹුරු ඉඩම් තියෙනවා. මාවිල්ලු වන සංරක්ෂිතයට මරිච්චිකට්ටු කියන වන රක්ෂණය ඇතුලත් කිරීමේදී කුඹුරු වලටත් ජනාවාස වලටත් කිසිදු ආකාරයේ බලපෑමක් සිදුව නෑ.

ඒ වගේම විලත්තිකුලම් උතුරට බස්නාහිරට ඇති ජනාවාස ප්‍රමාණයක් තිබෙනවා ඒ ජනාවාස ටිකක් සම්පූර්ණයෙන් ආරක්ෂා වෙලා තිබෙනවා.ඒවා මේ ගැසට් පත්‍රය හරහා සංරක්ෂිත කියන වැඩ පිළිවෙළ තුළට ඇතුළත් ව නැහැ.

ජනාධිපති තුමාත් සඳහන් කරනවා යුද්ධයෙන් අවතැන්වු ජනතාව ඔවුන්ගේ නිවැරැදි ගම් බිම් වලට ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දි ඔවුන්ව රැගෙන යාම අද අත්‍යවශ්‍ය කාරණයක් බව.ඒ සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ආණ්ඩුව සිදු කරනවා.

අද ලංකාවේ වන ගහණය සියයට විසි පහකට අඩු වෙලා තිබෙනවා. වන ගහණය සියයට තිස්පහට වැඩි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළ ජනාධිපති තුමගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කරගෙන යනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ මහා මංගල්‍යය අපි ආරම්භ කරා. මෙතනදී සිදුවුනේ මේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් තමයි. මෙතනදී කිසිදු ආකාරයේ ජාතිවාදී අදහසක් හේ මුස්ලිම් ජනතාව අවතැන් කිරීමේ වැඩපිළිවෙළක් මෙතන සිදු වුනේ නැහැ.

අද ලංකාවේ වන ගහණය සියයට විසි පහකට අඩු වෙලා තිබෙනවා. වන ගහණය සියයට තිස්පහට වැඩි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළ ජනාධිපතිතුමගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කර ගෙන යනවා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ මහා මංගල්‍යය අපි ආරම්භ කළා මෙතනදී සිදු වුනේ මේ ක්‍රියාදාමය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් තමයි. මෙතනදී කිසිදු ආකාරයේ ජාතිවාදී අදහසක් හෙ‍ා් මුස්ලිම් ජනතාව අවතැන් කිරීමේ වැඩපිළිවෙළක් මෙතන සිදු වුනේ නැහැ.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »