නියඟයෙන් ආණ්ඩුව නැති වී යන තෙක් සමහරු බලා හිටියා

Apr 01, 2017 10.37am
feature-top
නියඟය පැමිණි විට රට හා ආණ්ඩුව නැති වී යනු ඇතැයි සමහරෙක් බලා සිටි බවත් එහෙත් ස්වභාව දහමේ ආශිර්වාදයෙන් ජනතාවට එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ බණ්ඩාරනාය අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(31) පැවැති තිරසර ලංකා ජාතික මංගල්‍යට එක් වෙමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසිය.

රටට නිසි ලෙස වර්ෂාව ලැබී යලකන්නය මහ කන්නයක් කර ගැනීමේ හැකියාව උදා වී තිබෙනවා.

අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බඳමින් ඒවා පසුපස යෑම නොව රටේ සහ ජාතියේ අනාගතය සඳහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමයි.

ස්ව උත්සාහයෙන් නැගී සිටීම සංවර්ධනයේ මූලික පදනමයි. ලෝකයේ සෑම රටක්ම අද සංවර්ධන ඉලක්ක කරා ගමන් කර ඇත්තේ ස්ව උත්සාහයෙන් සහ ස්ව අභිමානයෙන් කටයුතු කිරීම නිසායි .

රටක් ලෙස නැගී සිටීමට ආකල්පමය වෙනසක් අත්‍යාවශ්‍යයි. තිරසර සංවර්ධන ඉලක්ක සහ සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගත් ප්‍රබුද්ධ රාජ්‍යයක් ඉදිරියට යා යුතු බව ද පැවසිය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »