ලංගම බස් 7700න් 1700ක් කොට උඩ

Mar 30, 2017 09.15am
feature-top
ගුණාත්මක සේවාවකට බස් 10000ක් වත් ඕනෑ

ශ්‍රී ලංගමය සතු බස්රථ 7700 න් 1700 ක්ම ධාවනයේ යෙදවීමට නුසුදුසු තත්වයෙන් පවතින බැවින් ගුණාත්මක බස් සේවාවක් ලාබාදීමට අසීරු තත්ත්වයක් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කියයි.

මගී ප්‍රවාහනය ගුණාත්මක ලෙස පවත්වාගෙන යාමට නම් බස්රථ10000 ක් වත් සේවයේ යෙදවිය හැකි මට්ටමක් පැවතිය යුතු බවත් , ලංගමය මේ තරමට විනාශ කර ඇත්තේ දේශපාලනය බවත්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

ඉදිරි මාස කීපය තුළදි නව බස්රථ 1000 ක් මිලදී ගැනීමට ත්, කොළඹ හා අවට නගරවල ධාවනය කිරීම සඳහා සුඛෝපභෝගී මෙට්‍රො බස් සේවාවක් ආරම්භ කිරීමටත් සැළසුම් කර තිබෙන බවත්, ඒ සඳහා ඉන්දියානු ණය සහන පදනම යටතේ මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනිමට කැබිනට් අනුමැතිය ලබා ඇති බවත් ඇමතිවරයා කිය.

 ඇමැතිවරයා මේ අදහස් පළකළේ නව බස් එන්ජින් 500 ක් ඩිපෝ අතර බෙදාදිම සඳහා උඩහමුල්ල ඩිපෝ පරිහ්‍රයේ පැවති උත්සවයේදිය.

මේ එන්ජින් හැකි ඉක්මණින් බස්රථවලට සවි කොට මගී ජනතාවගේ ප්‍රයෝජනය ස දහා ධාවනයට යොදවන ලෙස ඇමැතිවරයා සියලු කාර්මික නිලධාරීන්ගෙන් හා සේවකයින්ගෙන් ඉල්ලීමක්ද කෙළේය

ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන හා ඇමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් උදය පීරිස් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »