ඉන්දිය ධීවර යාත්‍රා එකක්වත් නිදහස් කරන්නේ නෑ

Mar 30, 2017 09.13am
feature-top
ඉන්දිය ධීවරයින් සමග අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රජය භාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා 130 න් එකක් හෝ නිදහස් කිරීමට මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් එසේ නිදහස් කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගන්නා බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්2015න් පසු අත්අඩංගුවට ගන්නා ලද කිසිදු  ඉන්දීය ධීවර යාත්‍රාවක් මෙතෙක් නිදහස් කර නැති බවත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

නමුත්, 2015 ජනවාරි මාසයට පෙර ද මෙරට මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර බෝට්ටු අත්අඩංගුවට ගත් නමුත්, ඒවා නිදහස් කිරීමට එවකට පැවති රජය පියවර ගනු ලැබ ඇත.

නමුත් තමන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු, මේ දක්වා ශ්‍රි ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිදහස් නොකිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා පෙන්වාදෙයි. දැනටශ්‍රී ලංකා රජය භාරයේ ඉන්දීය ධීවර යාත්රාන 130කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර, ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රාජ සන්තක කර ඇත.

තමිල්නාඩු දේශපාලනඥයන් විසින් මෙම ධීවර යාත්‍රානිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට වරින් වර බලපෑම් එල්ල කළ ද, ශ්‍රී ලංකා රජය එම යාත්‍රා නිදහස් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැත. එහෙත් ශ්‍රීලංකා මුහුදු සීමාවට ඇතුළු වන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම අඛණ්ඩවම සිදු වේ. නමුත්, ඇතැම් පිරිස් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවර යාත්රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංය තීරණය කර ඇතැයි, පළකරන අදහස්වල කිසිදු පදනමක් නැති බවද ඇමැතිවරයා අවධාරණය කරයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »