විමල්ට දියර ආහාර

Mar 28, 2017 10.14am
feature-top
බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට බන්ධනාගාර රෝහලේ වෛද්‍ය උපදෙස් මත දියර ආහාර ලබාදීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.  අවශ්‍ය වුවහොත් ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර බලා ජාතික රෝහලට ඇතුළත් කරන බව උපුල්දෙණිය මහතා කියයි.

දැනට ඔහුගේ තත්ත්වය අවදානම් නොවන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් දිගින් දිගටම ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ අඛණ්ඩව අවධානයෙන් සිටින බව ද හෙතෙම කීය.

උපවාසයේ නියුතු විමල් වීරවංශගේ රුධිර පීඩනය අඩුවීම සහ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළයාම වැනි තත්ත්වයන් නිසා පෙරේදා (26) ඔහුව බන්ධනාගාර රෝහලට මාරුකර යැවීය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »