උ. කොරියාව හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලයි

Mar 06, 2017 10.19am
feature-top
උතුරු කොරියාව හොර රහසේ ම හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීන දේශසීමාවට ආසන්නයේ පිහිටි මිසයිලය ටොන්ග්ජෑන්- රි කලාපයේදී මෙම මිසයිල අත්හදාබැලීම සිදු කර ඇති බව ය.

එලෙස අත්හදාබැලූ මිසයිලය පතිත වී ඇත්තේ, ජපාන මුහුදටයි.

දකුණු කොරියානු යුද හමුදා නිලධාරියෙකු පවසන්නේ, එරට වේලාවෙන් උදෑසන 07:36 මෙම අත්හදාබැලීම සිදු කර ඇති බව ය.

මේ අතර මේ සඳහා භාවිත කළ ප්‍රක්ෂේපණ වර්ය කුමක ද යන්න නිගමනය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද දකුණු කොරියාව පවසයි.

කෙසේ වෙතත් මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »