වැඩිමිලට සහල් විකුණන වෙළෙඳසල් වටලා තරාතිරම නොබලා නඩු පවරන්න

Feb 28, 2017 09.46am
feature-top
වැඩිමිලට සහල් අලෙවිකරන සියලු වෙළෙඳසල් වටලා තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට නියෝග කර තිබේ.

මේ මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නංවන ලෙසත් මේ පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගයන් කවරේද යන්න ඇතුළත් වාර්තාවක් තමන්වෙත ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා එම අංශවලට දැනුම්දී ඇත.

රජය සහල් පාලන මිලක් නියම කර ඒ මිලට අලෙවිකරන ලෙස නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබියදීත් ඒ ගැන නොසලකා සමහර ව්‍යාපාරිකයන් සිතූ මිල ගණන්වලට සහල් අලෙවිකරන බවට ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි කෙරෙහි අවධානය යොමු කර මේ නියෝගය කර තිබේ.

මේ අනුව රට පුරා සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳසල් වැටලීම අද (28) සිට රට පුරා විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »