මහින්ද අලුතින් සිතිය යුතුයි එක තැන සිරවී ඉදිරියට යන්න බෑ

Feb 28, 2017 09.46am
feature-top
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුතින් සිතිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය‍.

එක තැන සිරවී පරණ අදහස් සමග ඉදිරියට යාමට නොහැකි බව කී අගමැති වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා අලුතින් සිතනවා නම් රටටත් හොඳ බව කීය.

අප අලුතින් සිතිය යුතුයි.

අපි අලුත් අදහස් සමග ඉදිරියට යමු.යැයිද අගමැතිවරයා කිය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27) සහභාගි වෙමිනි.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කිය.

මෙවර ඔස්ට්‍රේලියා නිල සංචාරය නිම වී ආපසු මෙරටට පැමිණෙන විට සිංගප්පූරු අගමැතිවරයා සමග රාත්‍රි භෝජනයකට සහභාගි වීමට මට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට එදින ශ්‍රී ලංකාවට යෑමට නියමිත බව සිංගප්පූරු විදෙශ ඇමතිවරයා මට එහිදි ප්‍රකාශ කලා. එකම ගුවන් යානයේදි ඔහු මට හමු ‍වේ යැයි මා සිතුවා. එසේ හමුවුවහොත් ස්වාසිලන්ත සහ උගණ්ඩා ක්‍රමය අතහැර සිංගප්පුරු ක්‍රමයට එක් වීම ගැන ප්‍රශංසා කිරිමට මා කල්පනා කළා. අවාසනාවකට වගේ හිටපු ජනාධිපතිවරයා මා ගමන් කළ ගුවන් ‍යානයේ ආවේ නැහැ. පාර්ලිමේන්තුවේදි‍ හමු වු විට ඒ ගැන අසන්නම් යැයි මා සිතා ගත්තා.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »