අක්ෂි කාච මිල සියයට 77කින් බසී

Feb 18, 2017 09.36am
feature-top
අක්ෂි කාච වර්ග 38ක මිල අඩුවීමේ ප්‍රතිශතය 37% -77 දක්වා වැඩිවී ඇතැයි සෞඛ්‍ය හා පෝෂණ අැමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. අැමැතිවරයා ඒ බව පැවසූවේ ඊයේ (17) සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ දැවැන්ත අක්ෂි කාච මිල අඩු කිරීමත් සමග මේ වසරේදී 89000ත් 100000ක් අතර අක්ෂි කාච ගෙන්වීමට රජය තීරණය කර ඇතැයිද කී අමාත්‍යවරයා අදාළ කාච ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ඒවා බවද අවධාරණය කළේය.

"අපි ඖෂධ සමාගම් සමඟ සාකච්ජා කර මිල ගණන් අඩු කිරීම සිදුකර ඇත්තේ අක්ෂි කාච පමණක් නොව අක්ෂි ශල්‍ය කර්මයට අවශ්‍ය විවිධ උපාංග වලද මිල අඩුකිරීමක් කර තියෙනවා. ඒ සමඟ අක්ෂි ශල්‍ය කර්ම ප්‍රමාණයද වැඩිවී තියෙනවා.සමහර අක්ෂි කාච රුපියල් 23000 සිට 8700 පමණ අඩු කරලා තියෙනවා. සෞඛ්‍ය සේවාව ලාභ ලබන ව්‍යාපාරයක් නෙමෙයි එය සේවයක් විය යුතුයි. සියලුම අක්ෂි කාච රෝහල් හරහා ලබාදෙනවා. පෞද්ගලික රෝහල් රසායනාගාර සඳහා ඖෂධ නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි. ලෝකයේ මොනම පරිවර්තනයේදී වුවද ගැටලු මතුවූ බැවින් මේ පරිවර්තනයේදී ද ආරම්භයේදී ගැටලු මතුවේවි. මහාචාර්ය අසිතද සිල්වා, අක්ෂි ශල්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක ඇතුළු විශේෂඥවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »