ඉන්දීය සාගරයේ මුල්‍ය කේන්ද්‍රස්ථාන ප්‍රයත්නයට ඔස්ට්‍රේලියානු සහාය

Feb 16, 2017 09.02am
feature-top
ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රි ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹිමටත් ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පැවැසීය.

ඊයේ (15) වන දා පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ටර්න්බුල් මහතා මේ බව සඳහන් කෙළේය. ශ්‍රි ලංකාවේ පැරණි මිතුරෙකු වශයෙන් සැම විටම ශ්‍රි ලංකාවට සහය ලබා දීමට මෙන්ම ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බව ද අවධාරණය කළ ටර්න්බුල් මහතා

දෙරට අතර වසර 70 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම නිමිති කොට ගෙන වික්‍රමසිංහ මහතා ගේ ඔස්ට්‍රේලියානු නිල සංචාරය සංවිධානය කරලීමට ලැබීම සතුටට කරුණක් බව ද කීය. 1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීමෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වූ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්දිරයේ දී අභිමානවත් පිළිගැනීමේ උළෙලක් ද සංවිධානය කර තිබිණි. ආචාර වෙඩි මුර 19 ක් පැවැත්වීමෙන් පසු, ශ්‍රි ලංකා ජාතික ගීය වාදනය කෙරුණු අතර, වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »