මුදල් වංචා කළ අයෙක් මාට්ටු

Feb 15, 2017 09.20am
feature-top
අගරු චෙක්පතක් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී  අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහු විසින් රුපියල් දාහතරලක්ෂ 40,000ක මුදලක් වංචා කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක් බව සඳහන්ය.

ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.


අද දෙරණ ඇසුරෙනි

More News »