රට ගොස්‌ එන අයගේ සුබ සාධනය ගැන රජය වෙනම සොයා බැලිය යුතුයි - අගමැති රනිල් වික්‍රමසිංහ

Jan 25, 2017 09.28am
feature-top
විදේශ රැකියාවන්හි නිරතවී යළි පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳ රජය වෙනම සොයා බැලීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළ යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24 දා) පැවැසීය.

"අබුඩාබි සංවාදය" සිව්වැනි ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (24 දා) කොළඹ සිනමන් ලේක්‌ සයිඩ් හෝටලයේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ඊට අමතරව විදෙස්‌ගත ශ්‍රමිකයන්ගේ පවුල් සහ දරුවන් ගැන මෙන්ම ඔවුනගේ අධ්‍යාපනය, සෞඛ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලිය යුතු බවත් මව, පියා යන දෙදෙනාම විදෙස්‌ රැකියාවල නිරතවන්නේ නම් එම පවුල් පිළිබඳ වැඩි වශයෙන් සොයා බැලිය යුතු බවත් අගමැතිවරයා කීවේය.

විදෙස්‌ රැකියාවල නිරත වන්නේ බොහෝවිට කාන්තාවන් බවත් එබැවින් ඔවුනගේ ආරක්‍ෂාව පිළිබඳ විශේෂයෙන් ඔවුනගේ සේවාව ලබාගනු ලබන රටවල් මෙන්ම සේවා සඳහා යවන රටවල්ද සොයා බැලිය යුතු යෑයිද අගමැතිවරයා සඳහන් කළේය.


 

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »