ෆොන්සේකාගෙන් රහස් පොලිසියට පැය 5ක ප්‍රකාශයක්

Jan 23, 2017 09.32am
feature-top
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයා ව සිටි වත්මන් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත් පළමු අවස්ථාවත් මෙය වෙයි.

මේ සම්බන්ධයෙන් තමා දන්නා සියලු කරුණු රහස් පොලිසිය වෙත පැවසූ බවත් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමන් රහස් පොලිසිය වෙත කැඳවීම පිළිබඳ ස්තුතිය පළ කර සිටින බවත් කියා සිටියේය.

ලසන්ත ඝතනය හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයගේ අනු දැනුම මත සිදුව ඇති බවට තමාවිශ්වාස කරන බවත් මේ පිළිබඳ තමන් දන්නා සියලු තොරතුරු රහස් පොලිසියට සැල කර සිටි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

ලසන්ත ඝාතනයට තමන් සම්බන්ධ යැයි විවිධ පුද්ගලයන් වරින් වර චෝදනා කරනු ලැබුවේ රාජපක්ෂ පවුලේ අනුදැනුම සහ ඔවුන්ගේ අවශ්‍යතා මත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »