ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

Jan 21, 2017 09.23am
feature-top
අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) දින දිවුරුම් දෙනු ලැබීය. අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව දෙසැම්බර් 20 වැනිදා එරට වෙලාවෙන් මධ්‍යාහ්නයේ දී එනම් ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ දී අමෙරිකාවේ ශ්‍රේෂඨාධිකරණ අග විනිසුරු ජෝන් රෝබර්ට්ස් ඉදිරියේ ඔහු දිවුරුම් දීමට නියමිතව තිබුණි.

අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන දිව්රුම් දීමේ අවස්ථාව සඳහා ආරාධිතයින් හැරුණ කොට ලක්ෂ අටත් නවයත් අතර සංඛ්‍යාවක් වොෂිංටනයට රැස් වෙනු ඇති බව විදෙස් පුවත් ෙස්වා වාර්තා කෙළේය.

දිවුරුම් දීමේ උත්සවයේ ප්‍රථම පියවර වශයෙන් ට්‍රම්ප් දිවුරුම් දීමට සුළු වේලාවකට පෙර මයික් පෙන්ස් උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණි. මේ අවස්ථාව සඳහා අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති ලෙස බරක් ඔබාමා ද, ක්ලින්ටන්, බුෂ් , ජිමී කාටර් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් ඔවුන් ගේ බිරින්දෑවරුන් සමඟ ද ඊට සහභාගි වන බව මීට පෙර තහවුරු කැර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කෙළේ සාමකාමි ලෙස බලය  හුවමාරු කැර ගැනීමේ ආදර්ශය දෙමින් ඊට සහභාගි වන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණ සටනට එළැඹි හිලරි ක්ලින්ටන් ද හිටපු ජනාධිපති ආර්යාවක ලෙස මේ අවස්ථාවට සහභාගි වීම සුවිශේෂ අවස්ථාවකි.

දිවුරුම් දීමෙන් අනුතුරුව නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමැතීමට නියමිතව තිබූ අතර එසේ දිවුරුම් දීමෙන් පසු සිදු කෙරෙන ජාතිය ඇමතීම් ඉතිහාස ගත වනු ඇත. ඊට පෙර සංගීත විශේෂාංග කිහිපයක් මෙන්ම ආගමික නායකයින‍්ගේ සුබ පැතුම් ඇතුළත් වේ.

බරක් ඔබාමා සහ ඔබාමා පවුලේ සමු ගැනීමේ චාරිත්‍රය සිදු වන්නේ ඉන් අනතුරුවයි.

සාම්ප්‍රදායික කොංග්‍රස් මණ්ඩල දිවා භෝජන සංග්‍රහයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සමාරම්භක පෙරට්ටුවට සහභාගි වීමට සැලසුම් කැර තිබූ අතර පෙනිසිලිවේනියා වීදිය දිගේ ධවල මන්දිරය දක්වා එම පෙරට්ටුව මග දෙපස රැස්ව සිටින්නන් ගේ සුබ පැතුම් මධ්‍යයේ ගමන් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට දිනක් තිබිය දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ලෙස ඡන්දයෙන් තේරී පත් වූ මයික් පෙන්ස් අර්ලින්ටන් ජාතික සුසාන භූමිය වෙත ගොස් මල් වඩම් තබනු ලැබීය. අනතුරුව ලින්කන් අනුස්මරණ ශාලාවේ දී ' ඇමෙරිකාව නැවතත් විශිෂඨත්වය කරා' ‍යන තේමාව යටතේ පැවැති ප්‍රසංගයට සහභාගි වූහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »