ඉරානයෙන් ඖෂධ ගෙන්වීමට සොයා බලන්න - සෞඛ්‍ය ඇමැතිගෙන් උපදෙස්‌
Jan 11, 2017 09.13am

රටවල් 40 කට සිය ඖෂධ අපනයනය කරන ඉරානයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය ද්‍රව ආනයනය කිරීමේ හැකියාව සොයා බලන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ දී තිබේ.

2005 හා 2012 වසරවලදී ශ්‍රී ලංකාව හා ඉරානය අතර ඖෂධ ආනයනය සම්බන්ධ ගිවිසුම් දෙකක්‌ අත්සන් තැබුණු අතර ඉන් 2005 වසරේ අත්සන් තැබුණු ගිවිසුම යටතේ ඖෂධ වර්ග 37 ක්‌ හා ශල්‍ය උපකරණ 40 ක්‌ ආනයනයට නියමිතව තිබිණි.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60