පුංචි ඡන්දය ගැන අවසන් තීරණය 23 ට පසු
Jan 10, 2017 09.29am

පළාත් පාලන මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ජනවාරි මස 23 දාට පසුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බව එහි සදහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයන් හා නියෝජිතයන් එක්ව සිටි  බවයි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-