පළාත් පාලන මැතිවරණ දිනය පක්‍ෂ නායකයන් තීරණය කළ යුතුයි - අගමැති
Jan 08, 2017 09.38am

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධව දේශපාලන පක්‍ෂ නායකයන් තීරණය කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම මැතිවරණය කුමන ක්‍රමයකට පැවැත්විය යුතු ද යන්න සම්බන්ධව ද තීරණය කළ යුත්තේ පක්‍ෂ නායකයන් බවත් එබැවින් මැතිවරණය කුමන ක්‍රමයක්‌ යටතේ පවත්වන්නේ ද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවද හෙතෙම කීය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය කවදා, කුමන ක්‍රමයක්‌ යටතේ පැවැත්විය යුතුද යන්න පක්‍ෂ නායකයන් තීරණය කරනු ඇතැයිද අරලියගහ මන්දිරයේදී මාධ්‍යවේදීන් පිරිසක්‌ හමුවූ අවස්‌ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

(ලංකාදීප පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60