මරණ දඬුවම නියම වූ පොලිස්‌ පරීක්‌ෂක ශාස්‌ත්‍රවේදී උපාධිය ලබාගනී

Jan 06, 2017 09.39am
feature-top
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ හිටපු උප පොලිස්‌ පරීක්‌ෂක බී.ඒ. ලක්‌මිණි ඉන්දික බමුණුසිංහ ඊයේ (5 දා) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී උපාධිය ලබාගත්තේය. බන්ධනාගාරයේ සිට පාඩම් කරමින් ඔහු උපාධි විභාගයට පෙනී සිට ඇත. උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්‌ෂණය යටතේ, උපාධිය ලබා ගැනීම සඳහා ඔහු එහි රැගෙන ඒමට බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා අවසර ලබා දී තිබිණි. කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අතින් ඔහු සිය උපාධි සහතිකය ලබාගත් අයුරු. බන්ධනාගාර ඉතිහාසයේ දී මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූ පළමු අවස්‌ථාව මෙය බවද බන්ධනාගාර කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව කියයි.

 



ලක්බිම පුවත්පත ඇසුරෙනs

More News »