හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණයට මේ වසරේ කෝටි 935 ක්‌ පොළි ගෙවිය යුතුයි - ඇමැති මහින්ද අමරවීර

Jan 06, 2017 09.38am
feature-top
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් රුපියල් කෝටි 19,500 (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3) ණය මුදල සඳහා මෙම වසරේදී රුපියල් කෝටි 935 ක මුදලක්‌ පොලී ලෙස චීනයට ගෙවිය යුතුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය වසරේදී (2016) රුපියල් කෝටි 864 ක්‌ පොලී ලෙස ගෙවූ බවත් සඳහන් කළ ඇමැතිවරයා හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් කෝටි 7,500 ක මුදලක්‌ අවශ්‍යව ඇතැයි ද කීවේය.

වරායෙන් ලැබෙන ආදායම මේ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන් සමඟ එක්‌වී වරාය සංවර්ධනය කිරීමට රජය ගත් තීරණය ඉතා නිවැරදි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »