අපේ ගැටලු විසඳීමට ජගත් විනිසුරුවන් ඕනෑ නෑ - ඇමැති විඡේදාස රාජපක්‌ෂ

Jan 06, 2017 09.30am
feature-top
මෙරට ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරු අවශ්‍ය නොවන බව ද එසේ පැමිණෙන විනිසුරුවරුන් භාර ගන්නේ නැතැයි ද අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා 'දිවයින'ට ඊයේ (05 දා) ප්‍රකාශ කළේය.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් ඊයේ (05 දා) එළිදැක්‌වූ වාර්තාව සම්බන්ධව 'දිවයින' කළ විමසීමේදී රාජපක්‍ෂ මහතා එසේ කීවේය.

සත්‍ය යුක්‌තිය සංහිඳියාව හා යළි සිදු නොවීමේ අරමුණින් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණ යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු බව එම වාර්තාවේ දැක්‌වේ.

මේ සම්බන්ධව අප කළ විමසීමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

"අපි සූදානම් නෑ විදෙස්‌ විනිසුරුවරුන් පිළිගන්න. මම ඔය කියන වාර්තාව තවම අධ්‍යයනය කළේ නැ. කොහොම වුණත් ආණ්‌ඩුවේ පැහැදිලි ස්‌ථාවරය තමයි ජාත්‍යන්තර විනිසුරුවරුන් භාර ගන්නේ නෑ කියන එක.

අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවත් ඒ සඳහා ප්‍රතිපාදන නෑ. දෙවනුව අපේ රටේ අධිකරණය හෑල්ලු කරන්න, බාල්දු කරන්න අපට බැහැ. ලෝකයේ ඕනෑම රටක විනිසුරුවරුන් සමඟ සමකළ හැකි විනිසුරුවරුන් අපේ රටේ ඉන්නවා. ඒ නිසා අපේ ප්‍රශ්න නිරාකරණය කරන්න විදෙස්‌ විනිසුරුවරු ඕනෑ නෑ. ඒ සඳහා අපි ඉඩ දෙන්නෙත් නෑ."



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »