සීමා නීර්ණ අවසන් වාර්තාව යළි ඇමතිට දීම අදයි

Jan 05, 2017 09.03am
feature-top
සීමා නිර්ණ අභියාචනා කමිටු අවසන් වාර්තාව අද දිනයේ යළි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

සීමා නිර්ණ අභීයාචනා කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා කියා සිටියේ ඊයේ දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිත සාලිය මැතිව් මහතා අදාළ වාර්තාවට අත්සන් කළ බවයි.

ඒ අනුව මේ වන විට වාර්තාව සඳහා කමිටු සාමාජිකයින් සිව් දෙනෙකු අත්සන් තබා තිබේ.

මෙතෙක් වාර්තාවට අත්සන් කර නොමැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත නීතිඥ එස්.මිස්බා මහතාට දුරකථනයෙන් කතා කොට අද දිනයේ ඔහුගේ ස්ථාවරය පිළිබඳව විමසීමට බලාපොරොත්තු වන බව අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාර්තාව බොහෝ දුරට අද දිනය තුළ ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බව අශෝක පීරිස් මහතා කියා සිටියේය.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිය කොමිසම සූදානමින් සිටින බවයි.



අද දෙරණ ඇසුරෙනි

More News »